Tag Archives: හොරකම් රැසක සැකකරු අත්අඩංගුවට

හොරකම් රැසක සැකකරු අත්අඩංගුවට

23 Aug

ඉංගිරිය මධ්යතම සමූහ – ප්රිෙයදර්ශනී කහවල
සොරකම් රැසක් සම්බන්ධයෙන් අත්යැවශ්ය්ව සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හොරණ පොලිසියේ නිලධාරීන් සහ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට අන්යුක්ත නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී හැකිවී තිබේ.
මෙම පුද්ගලයා මින් පෙර හෝමාගම ප්රුදේශයේ සිදු කළ සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් ඇප පිට නිදහස්ව සිටි අයෙක් වන අතර එසේම වෙනත් සොරකම් කිහිපයක් සම්බන්ධයෙන්ද හෝමාගම පොලිසිය මගින් පවරන ලද නඩුවකට උසාවියෙන් වරෙන්තු නිකුත් කරන ලද පුද්ගලයෙක් වේ.
පොල් කඩන පුද්ගලයෙක් සේ නිවෙස් වලට පැමිණෙන මෙම පුද්ගලයා, පොල් කැඩීමේ කාර්යය නිමා කිරීමෙන් පසු ගෙහිමියාගෙන් බීමට වතුර වීදුරුවක් ඉල්ලා සිටින අතර, ඔහු ඒ සදහා නිවෙස තුළට ගිය පසු එම නිවෙසේ කාමර, දොර, ජනෙල් වල පිහිටීම ගැන මොහු විසින් හොදින් විපරම් කර බලන අතර ඉන්පසු තම පොල් කැඩීමේ ගාස්තුව ගෙන ඒම සදහා ගෙහිමියා නිවෙසේ ඇතුළු වන කාමරය ගැන පරීක්ෂාවෙන් බලා සිට නිවෙසේ මුදල් තැන්පත් කර ඇති ස්ථානය පිළිබදවද අවබෝධයක් ලබා ගනු ලබයි.
පසුව සුදුසු වේලාවක් පැමිණෙන තෙක් බලා සිටින මෙම පුද්ගලයා එම නිවෙස තුළට ඇතුළු වී රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කරනු ලබයි. මෙම පුද්ගලයා විසින් කර තිබෙන සෑම සොරකමක්ම දිවා කාලයේ නිවැසියන් නොමැති අවස්ථාවලදී වහළයෙන් නිවෙස් තුළට ඇතුළු වී සිදු කරන ලද ඒවා වන අතර රන් භාණ්ඩ සහ මුදල් පමණක් මොහු විසින් සොරා ගනු ලබන බවද වාර්තා වේ.
පොලිසියට වහන් වෙමින් දිගු කලක් තිස්සේ පොලිසියෙන් කට්ටි පණිමින් සිටි මෙම පුද්ගලයා මෑතකදී කරන ලද තවත් සොරකමක් සම්බන්ධයෙන් හොරණ පොලිසිය මගින් මොහු පිළිබදව විමසිල්ලෙන් සිටියදී, බස්නාහිර පළාත් බුද්ධී අංශ පානදුර කොට්ඨාශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී. හේවාවසම් මහතාට ලැබුණු තොරතුරකට අනුව මොහු පානදුර, එළුවිල ප්රපදේශයේ පිහිටි ඔහුගේ ඥාතියෙකුගේ තොවිල් ගෙදරකට සහභාගි වීම සදහා පැමිණීමට නියමිත බව දැන ගන්නට ලැබී ඇත. ඒ අනුව වහා ක්රිෙයාත්මක වු උප පොලිස් පරීක්ෂක පී. හේවාවසම් මහතා ඇතුළු හොරණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්මචන්ද්ර , පොලිස් සැරයන් 22219 නිමල්, පො.කො. 29018 නිලන්ත, පො.කො.41113 බණ්ඩාර, පානදුර දකුණ විශේෂ කාර්යංශයේ පො.කො. වසන්ත යන නිලධාරීහු තොවිල් ගෙදරට සහභාගි වන්නන් සේ එම නිවෙසට ගොස් ඇති අතර එහිදී සිදු කරන ලද සුක්ෂම මෙහෙයුමකදී එතෙක් නමින් පමණක් දැන සිටි එම පුද්ගලයාව අත් අඩංගුවට ගැනීමට ඔවුහු සමත් වූහ.
අත් අඩංගුවට ගන්නා ලද මෙම පුද්ගලයාට ස්ථීර පදිංචි ස්ථානයක් නොමැති බව වාර්තා වන අතර ඔහු දිවයිනේ විවිධ ප්රදදේශ වල පිහිටි විවිධ ස්ථාන කුලියට ගනිමින් මෙලෙස ‍රන් භාණ්ඩ සහ මුදල් මංකොල්ල කෑමේ යෙදී සිටින බවද දැන ගැනීමට ලැබී ඇත.
සොරකම් කරන ලද ‍රන් භාණ්ඩ සහ මුදල් පානදුර ප්රසදේශයේ මුස්ලිම් වෙළද සළකට විකුණා තිබියදී පොලිසියට සොයා ගන්නට හැකිවී ඇති අතර මෙම පුද්ගලයාව හොරණ උසාවිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.