Tag Archives: රටවල් 20ක නියමුවෝ 200ක් ශ්‍රී ලංකාවේදී ගුවන් අභ්‍යාසයක

සුනාමි භූමිකම්පා වැනි හදිසි අවස්ථාවලදී ජනතාවගේ ජීවිත ගුවන් ක්‍රියාකාරකම් තුළින් බේරාගැනීමේ ගුවන් අභ්‍යාසයක් අනිද්දා (22) දා ශ්‍රී ලංකාවේදී

21 Aug

හදිසි විපත්වලදී ජනතාව බේරා ගැනීමේ අරමුණින්

රටවල් 20ක නියමුවෝ 200ක් ශ්‍රී ලංකාවේදී ගුවන් අභ්‍යාසයක

අපේ නියමුවන්ට ජාත්‍යන්තර අත්දැකීමක්

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

පැසිෆික්

එයාර් ලිෆ්ට් 2011

මේ ගුවන් පුහුණුවට රටවල් විස්සක ගුවන් නියමුවෝ සහභාගි වෙති.ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මේ ගුවන් අභ්‍යාසයට විදේශ ගුවන් නියමුවෝ 200ක් එක්වෙති.

ශ්‍රී ලංකාව තුළ පවතින වත්මන් සාමකාමී වාතාවරණය තුළ මේ ගුවන් අභ්‍යාසය පැවැත්වීමේ අවස්ථාව අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇතැයි ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේකෝන් මහතා පවසයි. මේ ගුවන් අභ්‍යාසයේ මුලිකත්වය අමෙරිකාවේ ගුවන් හමුදා පැසිෆික් කලාපීය මුලස්ථානයට හිමි වෙයි. ගුවන් හමුදා මූලස්ථානයේ ඊයේ (19) උදේ පැවැති මාධ්‍ය හමුවකදී ගුවන් හමුදාපතිවරයා මේ කරුණු අනාවරණය කළේය.

අනිද්දා (22) ආරම්භ කෙරෙන ගුවන් අභ්‍යාසය ලබන 26 දා දක්වා දින හතරක් පැවැත්වේ’ කොටස් දෙකකින් සමන්විත මේ පුහුණුවේ ප්‍රථම කොටස ගල්කිස්ස මහහෝටලය ප්‍රධාන ස්ථානය ලෙස භාවිත කරයි. දෙවැනි ප්‍රායෝගික පුහුණුව රත්මලාන ගුවන් හමුදා මූලස්ථානය සහ අම්පාර ප්‍රදේශය ආශ්‍රිතව සිදු කෙරේ.