Tag Archives: තිබ්බටුවැව මහා විද්‍යාලයට ක්‍රිකට් ජයක්

තිබ්බටුවැව මහා විද්‍යාලයට ක්‍රිකට් ජයක්

22 Aug

(හබරණ සමූහ)

පාසල් ක්‍රිකට් සංගමය මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් අතර පැවැති තෙවන පෙළ තරඟාවලියේ දී තිබ්බටුවැව මහා විද්‍යාලය සහ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැති 17න් පහල ලෙදර් බෝල් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 97ක විශිෂ්ඨ ජයක් තිබ්බටුවැව මහා විද්‍යාලය ලබා ඇත.

පසුගිය දා තිබ්බටුවැව මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී මෙම තරගය පැවැති අතර පලමුව පන්දුවට පහරදුන් තිබ්බටුවැව කණ්ඩායම සියලුදෙනාම දැවී ඕවර් 43 කට ලකුණු 228 ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් තඹුත්තේගම මැදි විදුහල් කණ්ඩායමට ලබාගත හැකිවූයේ ඕවර් 27 යි පන්දුවාර එකකට සියලු දෙනාම දැවී ලකුණු 131 කි. තිබ්බටුවැව මහා විද්‍යාලයීය කණ්ඩායම් නායක එස්.එස්.චමීර ලකුණු 108 ක්ද ටී.බී.ගයාශාන් ලකුණු 21 ක් සහ එම්.එම්.තිමිර ලකුණු 19 ක් සහ ලකුණු 27 කට විකට් 6 ක් ලබාගත්හ.

ජේ.පත්මලාල් ලකුණු 2 කට විකට් 2ක් ලබාගත්හ. තඹුත්තේගම මැදි විදුහල් කණ්ඩායමේ අයි.ඩබ්ලිව්.එස්.සම්පත් ලකුණු 76 ක් ද එස්.එල්.ඒ.එස්.ජයසේකර ලකුණු 19 ක් ද ආර්.එල්.ප්‍රමෝද් ලකුණු 25 කට විකට් 3 ක් ද නායක එච්.ඒ.දිලුම් ලකුණු 48 කට විකට් 5 ක් ද ලබාගත්හ.වින්ස්ටන් ජයසේන මහතා ජයග්‍රාහී තිබ්බටුවැව විදුහල් කණ්ඩයමේ පුහුණුකරු වන අතර කණ්ඩායමේ භාරකරු අතුල දිසානායක මහ