ලංවිම දීපව්‍යාප්ත වැටලීම් අඛණ්ඩව

17 Sep
අගෝස්තු මස වැටලීම් තුළින් 
ජූලි මස වැටලීම් ආදායම හා සමාන වාර්තාගත ආදායමක්. 
ලංවිම හදිසි වැටලීම් අංශ නිලධාරීන් විසින් පසුගිය අගෝස්තු මස සිදුකළ වැටලීම් තුළින් උපයාගත් රු.23,177,583.24 ( රු.මිලියන 23) ක මුදලින් රු.2,420,000.00 ( මිලියන 2.42) ක් උසාවි දඩ වශයෙන්ද, රු.20,757,583.24 (රු. මිලියන 20.75) විදුලිබල මණ්ඩලයේ අලාභය ලෙසද ගණන් බලා ඇත. මෙම ආදායම මෙම වසරේ ජූලි මස ඉපයූ වාර්තාගත ආදායම බඳු වාර්තාගත ආදායමක් බව විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි. 

ඒ අනුව මීටර් වෙනස් කිරීම්, කොකු භාවිතා කර විදුලිය ලබාගැනීම් වැනි අයථා විදුලි පරිහරණයන් පිළිබඳ සිද්ධීන් 208ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් සිද්ධීන් 189ක් වංචා සහගත ලෙස මීටර් සැකසීම තුළින් විදුලිය ලබාගැනීම් වේ. ඉතිරි සිද්ධීන් 19ක් කොකු යොදා අයථා ලෙස විදුලිය ලබාගැනීම් ලෙස හදුනාගෙන තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය ණය නැති සාඩම්බර ආයතනයක් මෙන්ම ගුණාත්මක මහජන සේවාවක් සපයන ආයතනයක් බවට පත්කිරීම තුළින් වසර 2012 වන විට ශ්‍රී ලංකාවේ විදුලියනය 100% බවට පත්කිරීම සිය ඒකායන අරමුණ කරගත් විෂයබාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ඒ සඳහා බාහිරව මෙන්ම ආයතනය තුළ සිදුවන්නාවූ වංචා දූෂණ මුලිනුපුටා දැමීම සඳහා ලංවිම විශේෂ විමර්ශන ඒකකය මනා ලෙස බලගන්වා ඇත. ඒ අනුව එම ඒකකය මගින් පසුගිය ජූලි මස අම්පාර, කල්මුනේ ප්‍රදේශයන්හි සිදුකළ වැටලීම් මගින් රු. කෝටි දෙකහමාරකට ආසන්න ආදායමක් උපයාගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මෙලෙස විදුලි මීටර් වංචනික ලෙස සකස් කිරීම්, කොකු භාවිතා කර විදුලිය ලබාගැනීම් වැනි ක්‍රියාවන් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට විශාල මූල්‍ය අලාභයක් සිදුවන බව අවධාරණය කරන විදුලිබල අමාත්‍යාංශය, වසර ගණනාවක් වැටී සිටි අගාධයෙන් මේ වනවිට ලංවිම ගොඩගෙන ඇති බවත්, නැවතත් ආයතනය එවැනි අගාධයකට ඇද දැමීමට සැරසෙන මෙවන් වංචාකාරී පුද්ගලයින්  නීතියේ 
රැහැනට හසුකර දීමට සහයොගය දක්වන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. යම් වංචාකාරී ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව දුරකතන අංක 2422259 ඔස්සේ ලං.වි.ම. විමර්ශන අංශය දැනුවත් කරන ලෙසත් අමාත්‍යාංශය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

කතරගම ආදර්ශ ගොවි පොල

15 Sep

සේවකයින් ගොවිපොලේ වැඩවල නිරතවෙමින්

ඇම්.නෙල්සන් පියරත්න කතරගම සමුහ

මහින්ද චින්තනය අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිප ව්‍යාප්තව දිවිනැගුම වැඩසටහන යටතේ ආරම්භ කර ඇති ගෘහ ඒකක වගා දශ ලක්ෂයක් ඇති කිරිමේ වැඩ සටහනට සමගාමිව කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල රංගන මහතාගේ මගපෙන්වීම යටතේ හා කතරගම කෘෂිකර්ම ව්‍යාප්ත නිලධාරි එච්.එම්.ඩී.උපුල් ගුණතිලක මහතාගේ උපදෙස් මත කතරගම ප්‍රාදේශිය සභා භූමියේ සේවක මහත්වරුන්ගේ ශ්‍රම සහභාගිත්වයෙන් ආදර්ශ ගොවි පොලක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උපුල් ගුණතිලක මහතා මෙසේ කීය.බැසිල් රාජපක්ෂ අමාත්‍ය වරයාගේ දිවිනැගුම වැඩසටහන යටතේ ගෘහ ඒකක දශ ලක්ෂයක් පිහිටුවීමේ වැඩ සටහනට සමගාමිව කතරගම ප්‍රාදේශීය ලේකම් කොටඨාශය තුල ගෙවතු වගා 500 ක් ආරම්භ කරන ලෙස පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පූෂ්පකුමාර මහතා කතරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී අපට උපදෙස් දුන්නා ඒ අනුව ඌව පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව මෙම වැඩ සටහන කරගෙන යනවා. ප්‍රාදේශීය සභාවේ ගොවිපොල පාසල් ලමයින්ට සහ ප්‍රදේශවාසීන්ට නරඹා ආදර්ශයක් ගතහැකි අයුරින් සකස් කරගෙන යනවා.නිවෙස්වල ආරම්භ කරන වගාවන් හට පොහොර සහ ඇට වර්ග නොමිලයේ ලබා දෙනවා.මීට අමතරව අප කතරගම දිසා රෝහල කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනය කතරගම සෞඛ්‍ය වෛද්ය නිලධාරි කාර්යාලය වැනි තැන්වල ආදර්ශ ගොවිපලවල් සකස් කරගෙන යනවා ඉදිරියේදි කතරගම පිහිටි සියලුම රජයේ ආයතන වල ගොවි පොලවල් ඇති කිරීමට කටයුතු කරගෙන යනවා.

කතරගම ප්‍රාදේශිය සභා ආදර්ශ ගොවි පොලේ එලවලු වර්ග මිරිස් ඉරිගු ආදියත් උඩරට ප්‍රදේශවලට ආවේනිකවූ ගෝවා, බීට්රූට් ආදියත් ඉතා සාර්ථකව වගා කොට තිබෙනවා මෙම ආදර්ශ වගාව කරගෙන යාමේදි කතරගම ප්‍රාදේශිය සභාවේ ප්‍රිශාන්ත මහතා ඇතුලු සේවක මහතුන්ගේත් කතරගම ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරි සුනිල් බණ්ඩාර මහත්වරුන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා.

දන්නවාද

29 Aug
ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු

කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු

ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු

Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු

Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු

Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry’s guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු

XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු

ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු

තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු

තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු

ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු

ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු

THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු

1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු

1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු

1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු

ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු

ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis ලු

අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු

ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු

ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශා 2796ක් දැනගන්න ඕනිලු

වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු

ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු

ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු

ඩොල්‍ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු

සාමාන්‍යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු

පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු

සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු

ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු

මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000ක් දිගයිලු

කංකුන්ඩට පාද 750ක් විතර තියනවලු

ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු

හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප්‍රමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යනප්‍රමානය වැඩියිලු

පැසි‍ෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු

වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71ක් පිටවෙනවලු

වීදුරු බි‍ඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800ක් විතරලු

ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු

ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8ක් විතරලු
වතුර නැතුව ඔ‍ටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු
මිනිස් මොලයෙන් 80%ක්ම වතුර වලින් පිරිලලු
එල්විස් ප්‍රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු
ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු

කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු

yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු

හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12යිලු

පුරානයේදී ග්‍රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු

ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38යිලු.

විදුලි බල්බය හොයාගත්ත ‍තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු

මොනාලිසාට ඇහි බැමි නැතිලු

Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු

Google වල නියම නම Backurubලු

දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176ක් දිගයිලු

කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු.ඒක ටෝනාර්ඩෝ කුනා‍ටුවෙ වේගයට සමානලු

ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු

Titanic ‍ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු

ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔ‍ටුවොයි අපනයන කරනවලු 

 

මගේ මහත්තයා කුඩු කාරයෙක් කියල දැන ගත්තේ අපි එකගෙදර පදිංචියට ගිහින් මාසෙකට පස්සේ

29 Aug

රත්තරන් බඩුයි ගෙදර බඩුමුට්ටු ඔක්කොම විකුණලා එයා කුඩු ගැහැව්වා

පොලිසියේ ආලින්දයේ බංකුවක අසුන් ගෙන සිටින රූබර තරුණිය නොඉවසිලිමත්ව සිටිනු දුටු කාර්යභාර සැරයන්වරයා ඇය අසලට ගියේය.

මේ මිස් මොකද ? සැරයන්වරයා ගේ හඬින් තිගැස්සුණු ඕ ඔහු දිහා බලා සිටියේ බයාදු ලෙසය. තරුණියගේ දෙනෙතින් කඳුළු වැගිරෙනු දුටු සැරයන් කතා කෙළේය.

“මොකක්ද මිස් ප්‍රශ්නය ?” ඔහු නැවතත් විමසීය.

“ඇන්ට්‍රි එකක් දාන්න ආවේ” ඕ කීවේ කඳුළු පිස දමමිනි.

‘කාට විරුද්ධවද ?’ සැරයන් නැවත විමසීය. ‘මගේ මහත්තයා, එයත් එක්ක ඉන්න එපා වෙලා. එයා කුඩු ගහනවා. ! ඕ කීවාය. ‘එන්න’ යැයි කී සැරයන්වරයා ඇය කැටුව පැමිණිලි ලියන ස්ථානයට ගියේය. සුළු පැමිණිලි සටහන් පොත අතට ගත් ඔහු තරුණියගේ නම ගම ලිපිනය ආගම සහ අනෙකුත් තොරතුරු සටහන්කැර ගත්තේය.

‘ඉතින් මිස්…දැන් මොකද වෙලා තියෙන්නේ ?’

‘සාජන් මහත්තයො….මේ කියන්නේ මගේ මහත්තයා ගැන.. අපි විවාහවෙලා තවම මාස තුනක්වත් නැහැ.

මුල් දවස්වල ආදරෙන් හිටියා. අපේ ගෙදර අය මේ විවාහෙට විරුද්ධ වුණා.

මගේ අයියා ආරක්ෂක අංශයක . එයා මගේ මහත්තයා ගැන සොයලා බැලුවා.

‘නංගී. ඔයා ලොකු අමාරුවක වැටෙන්න යන්නේ ඔය මිනිහා කුඩු කාරයෙක්.! එයා මට දවසක් කෝල් කරලා එහෙම කිව්වා. මම ඒක ගණන් ගත්තේ නැහැ.

කොළඹ වැඩකරන නිසා මට නිතර ගමේ යන්න බැරිවුණා. ගෙදර අය එක්ක තියෙන ආශ්‍රය අඩුවුණා.

මගේ ලෝකය වුණේ පෙම්වතා. අපි දවස් ගණන් ට්‍රිප් ගියා. තැන්තැන්වල නැවතිලා විනෝද වුණා. ඒ ඔක්කොම කෙළේ ගෙදරට හොරෙන්.

පස්සේ අපි දෙන්නා වෙනම ජීවත් වුණා.

කසාද බඳින්න කිව්වත් එයා ඒක ගණනකට ගත්තේ නැහැ.

අපි දෙන්නා එකට ජීවත්වෙන්න අරගෙන මාසයක් විතර යද්දි තමයි චනගත්තේ එයා කුඩුකාරයෙක් කියලා.

අතේ සතේ නැති වෙනකම් කුඩු ගහනවා.

මගේ සල්ලි, රත්තරන් බඩු ඔක්කොම ඉවරයි’ සාජන් මහත්තයෝ.

ගෙදර තිබුණු ටී වී සෙටප් පුටු මේසත් මේ මිනිහා විකුණුවා.

මට දැන් කරන්න දෙයක් නැහැ සර්. වෙලාවකට හිතෙනවා ජීවිතේ නැති කර ගන්න.

ඒත් මේ වගේ මිනිහෙක් නිසා මම එහෙම කරන්නේ ඇයිද කියලත් හිතෙනවා.මට දැන් ගෙදර යන්නත් බැහැ. මම මොකද කරන්නේ සර්… තරුණ කතගේ පැමිණිල්ල සාවධානව අසා සිට සටහන්කරගත් සැරයන්වරයා ඇයට කතා කෙළේය.

සිද්ධවෙලා තියෙන දේ තෙරෙනවා. තමන් වැටිලා තියෙන්නේ ලෝක අමාරුවක. අපි තමුන්ගේ සැමියා මෙහාට ගෙන්වන්නම්.

කතා කරලා ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරමු. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථාන තියෙනවා.

එහෙම පියවරක් වුණත් ගන්න පුලුවනි… ජීවිතය නැතිකරගැනීම නම් විසඳුමක් නෙවෙයි.

සැරයන්වරයාගේ අවවාද පිළිගත් කත පොලිසියෙන් පිටවූයේ කඳුළු පිසිමිනි.

.

ඕස්ට්‍රේලියාවේ රැකියා දෙන බව කියා කතකගෙන් ලක්‍ෂ 4ක් ගත් සැකකරු රිමාන්ඩ්

29 Aug

කොච්චිකඩේ විශේෂ ඩී. මිහිදුකුල

 

ඇය සිහින මාළිගාව ගොඩනඟා ගත්තේ විදෙස් රැකියාවකට ගොස් සැපවත් ජීවිතයක් ගත කිරීමටය. රු. ලක්‍ෂ හතරකට ඕස්ට්‍රේලියාවට යෑමට හැකි නම් කොයිතරම් වාසියක්ද ඇය තමාටම කියා ගත්තේය. සැකකරුගේ කථාබහ පමණක් නොව ගමන් විලාසයද අවංක බව ඇයට සිතුණි.

කනකර උගස්කර ඉතිරිය පොලියට ගෙන රු. ලක්‍ෂ හතර සොයා ගත්තේ දහසකුත් එකක් බලාපොරොන්තු ඇතිවය.

ඔහු අප සොයා ඒමට පෙර අපි ඔහු සොයාගොස් මුදල් දුන්නේ ඕස්ට්‍රේලියා ගමන ඉක්මන් කර ගැනීමට බව පොලිසියට පවසා ඇති ඇය ජාඇළ ප්‍රදේශයේ ගම මැද පාර පදිංචි තැනැත්තියෙකි. රට රැකියා ලබාදෙන බව පවසා වංචනිකව මුදල් ලබාගෙන විශ්වාසය කඩ කළේ යැයි යන චෝදනාව මීගමුව පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ෂණ ඒකකයට සැකකරුට එරෙහිව ඉදිරිපත් වූයේ ඉන් පසුවය.

රු. ලක්‍ෂ හතරක මුදල භාරගත් බව අධිකරණයේදී ප්‍රකාශකර නැවත එම මුදල පැමිණිලි කාරියට ගෙවීමේ වගකීම ඔහු භාර ගත්තේය. රු. 60,000ක් පළමු වාරිකය වශයෙන් ඇයට එහිදී ලැබුණි. ඉතිරි මුදල් ගෙවීම පැහැර හරිමින් සැඟව සිටි ඔහුට ගෙවීමට ඇති මුදලින් හතරෙන් එකක් ගෙවන ලෙස අධිකරණයෙන් නියම කෙරුණි. ගෙවීමට හැකියාවක් නැති බව සිය නීතිඥ මහත්වරු මගින් සැකකරු අධිකරණයට පැවසීය.

මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. එච්. එන්. සී. අමරසිංහ මහතා සැකකරු සැප්තැම්බර් 6 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් 51686 ජයරත්න මහතා පැමිණිල්ල මෙහෙයවීය.

පාදුක්ක තුන්තානේදී පුද්ගලයකුගේ අත කැපූ සැකකරුවෝ අධිකරණයට බාරවෙති

29 Aug

ලබුගම සමූහ නිරෝෂා ශ්‍යාමලි විදාන

 

පසුගිය දා පාදුක්ක තුන්තාන ප්‍රදේශයේ දී කඩුවලින් පහර දී පුද්ගලයකුගේ වම් අත කපා වෙන්කර සැඟව සිටි සැකකරුවන් පාදුක්ක පොලිසියට භාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

 

පාදුක්ක සතිපොළේ ව්‍යාපාරිකයකු තම බිරිය සමඟ ත්‍රිරෝද රථයකින් නිවෙස බලා යමින් සිටිය දී පාදුක්ක තුන්තාන ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් ත්‍රිරෝද රථය නවතා ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර කඩුවලින් කපා කොටා ඔවුන්ට තුවාල සිදුකර ඇත. ත්‍රිරෝද රථයට ද බරපතළ හානි සිදුකර ඇත.

මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ තුන්තාන ගම්මැද්ද පදිංචි ගාමිණි ගලප්පත්ති මහතා සහ ඔහුගේ බිරිය වන මැදගෙදර මානෙල් අජන්තා නමැති ව්‍යාපාරික යුවළකි.

ගාමිණි ගලප්පත්ති මහතාගේ වම් අත කඩු ප්‍රහාරයෙන් කැපී වෙන් වී ඇත. කොළඹ ජාතික රෝහලේ දී හදිසි සැත්කමකින් එම අත නැවත බද්ධ කර ඇත. දැනට ඔහු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මානෙල් අජන්තා මහත්මිය ඇසිඩ් ප්‍රහාරයට ලක්ව පිලිස්සුම් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙක් (06) හඳුනාගෙන ඇතත් පොලිසියට මග හරිමින් සැඟව සිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

සැකකරුවන් පස්දෙනා මෙම 18වන දින පාදුක්ක පොලිසියට භාර වී ඇත. ඔවුන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් බන්දුල ගුණතිලක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් පළමුවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

තවත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර පාදුක්ක ;පාලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිලකරත්න, පොලිස් සැරයන් විජේසිරි, පොලිස් සැරයන් රණතුංග, පොලිස් කොස්තාපල් නන්දන, පොලිස් සැරයන් වෙත්තසිංහ හා පොලිස් කොස්තාපල් 40949 කුමාර යන නිලධාරීහු වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.

අසදෘස මහා දාන පුජාව මෙම සෙනසුරාදා සහ ඉරිදා

29 Aug

This slideshow requires JavaScript.

ගම්පහ සුමග පදනම මගින් 6වෙනි වරටත් පවත්වන ලද(27, 28) යන දිනවල කිරිවෙහෙර අභියසදි අතිපූජ්‍ය කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති හා ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලයේ කුලපති අලුතවැව සෝරත නාහිමියන්ගේ අනුශාසනයෙන් පවත්වන ලදී.

මෙම ආගමික වැඩ සටහනේදි භික්ෂූන් වහන්සේලා 250 කට සංඝගත දක්ෂිනාවක් පිරිනැමුන අතර දිවයිනේ තෝරාගත් අඩු පහසුකම් ඇති විහාරස්ථාන 49 කට ආවාස පරිස්කාර පූජාවක් කරන ලදි.මෙම පූජාවට රුපියල් 40,000 ක පමන වටිනාකමින් ඇද පුටු මේස යනාදී ගෘහ උපකරණ අයත් විය.

පින්තූරයෙන් පෙනෙන්නේ පන්සල් වලට පුජා කිරීමට තබා ඇති ආවාස පරිස්කාර පූජා භාණ්ඩයි.

(පින්තූරය – ඇම්.නෙල්සන් පියරත්න කතරගම සමූහ)

25 Aug
25 Aug

වතුර නැතිව අලි මැරිලා

23 Aug

චන්දන ලියන ආරච්චි දිගාමඩුල්ල සමුහ

නැගෙනහිර පළාත් පශු වෛද්‍ය ඒකකයේ මුදිත දේවසුරෙන්ද්රන මහතා ඇතුලු පිරිස විසින් මියගිය අලියා කපා පරික්ෂාවට ලක්කරන අයුර

නැගෙනහිර වියලි කළාපය තුල මේ දිවල පවතින දැඩි උෂ්නත්වය හේතු කොට වන සතුන් හට පානිය ජල හිගයක් පවතින බැවින් වන ජිවින් හට විවිද වු රොගි තත්ත්වයන් ඇති වි ඇත මෙම හෙතුවෙන් අම්පාර බුද්ධංගල අභය භුමියේ (22)අලි පැටියෙකු මියගොස් ඇත .
මිය ගොස් ඇති මෙම අලි පැටියා හට වයස අවුරැදු පහක් පමන වන අතර උසින් අඩි හතහාමරක් පමණ වේ.නැගෙනහිර වන ජිවි පශු වෛද්ය් එකකයේ වෛද්ය් ප්රතමුදිත දේව සුරේන්ද්රප මහතා දිනමිණට කියා සිටියේ මේ දිනවල වනය තුල ජලය හිග බැවින් දිය කඩිති වල ජලය මඩ වි අපිරිසිදු වි ඇති බැවින් එම ජලයේ බැක්ටෙරියා ඇති වම තුලින් ජලයේ විෂකාරක තත්ත්වයක් ඇති විමෙන් මෙවැනි මිය යැම් සිදුවන බවය.ඒ අණුව මෙම අලි පැටවාද මිය ගොස් ඇති බවට සැක කෙරෙන බවත් වැඩි දුර පරික්ෂන සදහා ක්රිලයා කරන බව ද ඒ මහතා පැවසිය.පසු ගිය වසරේ පැවති නියන් ස්භාවය තුල අලින් තුන්දෙනකු මේ අයුරින් ජලයේ බැක්ටෙරියා ඇති වි මිය ගොස් ඇත.
මෙම අලියා මිය යැම පිළිබදව පරික්ෂා කිරිම සදහා නැගෙනහිර පළාත් පශු වෛද්යව එකකයේ ප්ර මුදිත දෙවසුරෙන්ද්රි මහතා සද්රළන් හෙමන්ත උපුල් ප්රි්යන්ග එම් .කරැනාරත්න අම්පාර පොලිසියේ උ;පො; ප;ගුණරත්න උ;පො; ප;ශාන්ත පො;සැ;43121 වසන්ත කුමාර 59161එම් .පාලිත පො;කො;සුභසිංහ. පො;කො ත