ඉංගිරිය නගරයේ වෙළද සළක් තුළ අසභ්‍ය වීඩියෝ පෙන්නලා

14 Oct

ඉංගිරිය මධ්‍යම සමූහ – ප්‍රියදර්ශනී කහවල

            ඉංගිරිය නගරයේ වෙළද සැළක් තුළ දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගිය අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප අලෙවි ස්ථානයක් වැටළීමට ඉංගිරිය පොලිසියේ නිලධාරීහු ඊයේ (13) සමත් වූහ.

වෙළද සැල තුළ තිබූ පරිඝණකයක් තුළ මෙම අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප විශාල තොගයක් ගබඩා කර තිබී සොයා ගෙන ඇති අතර පාසල් සිසු දරු දැරියන්ට සහ ප්‍රදේශයේ තරුණ තරුණියන් හට මෙම ඡායාරූප සහ වීඩියෝ අළෙවි කර ඇති බව වාර්තා‍ වේ.

ඒ අනුව මෙම පුද්ගලයා පාසල් දරුවන් සහ වෙනත් පුද්ගලයන් රැගෙන එන ජංගම දුරකථන, මෙමරි කාඩ් පත්, ෆ්ලෑෂ් පෙන් (Pen Drive) ආදියට මෙම දත්තයන් ගබඩා කර දී ඒ සදහා මුදල් අය කර ගන්නා අතර පරිඝණකය තුළ ගබඩා කර තිබුණු දත්ත අතර තිබී මෑතකදී පිට වූ ‘ගාමණී’ සිනමා පටයේ පිටපතක්ද තිබී සොයා ගැනීමට පොලිසියට හැකි වී ඇත.

පොලිස් නිලධාරීන් විසින් ඉතා සූක්ෂම අයුරින් සිදු කරන ලද මෙම මෙහෙයුම අතරදී ද එම ස්ථානයට පාසල් දරුවන් කිහිප දෙනෙක්ම මෙම දත්ත මිළදී ගැනීමට පැමිණ ඇති අතර පාසල් සිසුවියන් පවා මෙම ස්ථානයට පැමිණෙන බව වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

සිද්ධිය‍ට අදාළ පුද්ගලයා පරිඝණකය සහ උපාංග සමගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉංගිරිය පොලිස් ස්ථානාධිපති උදය කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධීපති කේ. ජී. විජේරත්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා සහ මෙහෙයුමට සහභාගි වූ නිලධාරීන් අත් අඩංගුවට ගන්නා ලද අසභ්‍ය දත්ත ඇතුළත් පරිඝණකය සමග

Advertisements

One Response to “ඉංගිරිය නගරයේ වෙළද සළක් තුළ අසභ්‍ය වීඩියෝ පෙන්නලා”

  1. danu October 14, 2011 at 11:12 am #

    monawada me tiyenne ,kunu harupane

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: