Archive | October, 2011

ලේක් හවුස් ආයතනයේ නවතම පුවත් සකසු මෘදුකාංගය ඇසුරින් නිර්මාණය කළ පිටු අනු රූ

21 Oct

ඉංගිරිය නගරයේ වෙළද සළක් තුළ අසභ්‍ය වීඩියෝ පෙන්නලා

14 Oct

ඉංගිරිය මධ්‍යම සමූහ – ප්‍රියදර්ශනී කහවල

            ඉංගිරිය නගරයේ වෙළද සැළක් තුළ දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගිය අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප අලෙවි ස්ථානයක් වැටළීමට ඉංගිරිය පොලිසියේ නිලධාරීහු ඊයේ (13) සමත් වූහ.

වෙළද සැල තුළ තිබූ පරිඝණකයක් තුළ මෙම අසභ්‍ය වීඩියෝ පට සහ ඡායාරූප විශාල තොගයක් ගබඩා කර තිබී සොයා ගෙන ඇති අතර පාසල් සිසු දරු දැරියන්ට සහ ප්‍රදේශයේ තරුණ තරුණියන් හට මෙම ඡායාරූප සහ වීඩියෝ අළෙවි කර ඇති බව වාර්තා‍ වේ.

ඒ අනුව මෙම පුද්ගලයා පාසල් දරුවන් සහ වෙනත් පුද්ගලයන් රැගෙන එන ජංගම දුරකථන, මෙමරි කාඩ් පත්, ෆ්ලෑෂ් පෙන් (Pen Drive) ආදියට මෙම දත්තයන් ගබඩා කර දී ඒ සදහා මුදල් අය කර ගන්නා අතර පරිඝණකය තුළ ගබඩා කර තිබුණු දත්ත අතර තිබී මෑතකදී පිට වූ ‘ගාමණී’ සිනමා පටයේ පිටපතක්ද තිබී සොයා ගැනීමට පොලිසියට හැකි වී ඇත.

පොලිස් නිලධාරීන් විසින් ඉතා සූක්ෂම අයුරින් සිදු කරන ලද මෙම මෙහෙයුම අතරදී ද එම ස්ථානයට පාසල් දරුවන් කිහිප දෙනෙක්ම මෙම දත්ත මිළදී ගැනීමට පැමිණ ඇති අතර පාසල් සිසුවියන් පවා මෙම ස්ථානයට පැමිණෙන බව වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

සිද්ධිය‍ට අදාළ පුද්ගලයා පරිඝණකය සහ උපාංග සමගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉංගිරිය පොලිස් ස්ථානාධිපති උදය කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධීපති කේ. ජී. විජේරත්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා සහ මෙහෙයුමට සහභාගි වූ නිලධාරීන් අත් අඩංගුවට ගන්නා ලද අසභ්‍ය දත්ත ඇතුළත් පරිඝණකය සමග

කොළඹ ආනන්ද විද්යාලයේ 1975 – 1980 ආදි සිසුන් ගෙන් කතරගම ගෝතමීගම විදුහලට පිළිසරනක්

13 Oct

අඩු ආදායම් ලාභි දෙමාපියන්ගේ දරුවන් ඉගෙන ගන්නා මෙම පාසල මේ ගමේ වෙසෙන සිංහල දෙමල මුස්ලිම් යන සියලු දරුවනට ශිල්පය බෙදා දෙන ස්ථානය වන අතර දැනට වසර පහකට පමන හමාගිය දැඩි සුලගක් නිසා මෙම පාසලේ ක්‍රීඩාගාරයේ වහල කැඩී ගියේය. විදුහල්පතිවරයා බලධාරින්ට සහ දානපතියන් කීප දෙනෙකුට දැන්වුවද ඒවා වලින් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුන බව ඔහු කියයි.

ආදි ආනන්දියන් විසින් වහලය සාදා දිමට අමතරව මෙම පාසලට ලීටර් 2000 ක ජල ටැංකියක් ලබාදි ජල නල පද්ධතිය අලුත්වැඩියා කර  දි ඇත.ඊට අමතරව ගුරු මණ්ඩලයට අඩු පාඩුවක්ව පැවති යාබද වැසිකිලියක් තනා දී ඇත.

පාසලේ සියලුම සිසුන් සදහා පොත් පත් සහ පාසල් උපකරන ලබා දී ඇති අතර මෙම පාසල සදහා වසර 3ක් ආධාර උපකාර ලබා දීමට මෙම ආදි ආනන්දියන් බලාපොරොත්තුවන අතර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ආනන්ද විද්යාලයට ඇතුල්විමට ශිෂ්‍යෙයකු වරම් ලැබුවහොත් ඔහුට උසස් පෙල දක්වා ඉගෙන ගැනීමට සියලු ආධාර සැපයීමටද මෙම ආදි ආනන්දියන් බලාපොරොත්තුවේ.

පින්තුර වලින් පෙනෙන්නේ වහල කැඩී ගිය ක්‍රීඩාගාරයත් ක්‍රීඩාගාරය අලුත්වැඩියා කිරීමෙන් පසු දැන් පෙනෙන ආකාරයත්ය. වැඩසිටිකන්ද සහ කිරිවෙහෙරේ කොත් කැරැල්ල පසුබිමින් පෙනේ.

(පින්තූර – ඇම්.නෙල්සන් පියරත්න කතරගම සමුහ)

ලිබර්ටි මෘදුකාංගය පිළිබඳව ලේක් හවුස් මාධ්‍යෙව්දීන්ට පහුණුව නවදිල්ලියේදී

12 Oct

නලින් දිල්රුක්ෂ,රීසා රව්ඩින්,කපිල,ඔස්මාන් ජයා,රත්නායක,

කන්ටේනර් රථයක් ඔයේ බැම්මෙන් පහළට

2 Oct

හොරණ විශේෂ – විදුර විජයනාථ

            කොළඹ සිට හොරණ කර්මාන්ත පුරය දෙසට භාණ්ඩ ප්‍රවාහනයේ යෙදුණු කන්ටේනර් රථයක් රියදුරුට නින්ද යාම නිසා පෝරුවදණ්ඩ, වගවත්ත ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන මාවක්

පෙරළී යාම නිසා එම රථයේ රියදුරුට බරපතළ තුවාල සිදුවී ඇත.

දැනට ඔහු හොරණ රෝහලේ ප්‍රථිකාර ලබන අතර මෙම රියදුරු අද දින(02) මීට පෙර දෙවතාවක්ම මේ ආකාරයෙන් කොළඹ සිට  කර්මාන්ත පුරය වෙතට භාණ්ඩ ප්‍රවාහනය සඳහා මේ ආකාරයටම පැමිණ ඇති අතර එසේ පැමිණි තුන්වන වතාවේදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

මෙම අනතුර නිසා පාරේ පිහිටි අධිබලැති විදුලි රැහැන් පද්ධතියට සම්බන්ධ විදුලි කණුවක්ද ගැලවී ගොස් තිබේ.

ඡායාරූප-

කන්ටේනර් රථය මාවක් ඔයේ පැති බැම්මෙන් පහළට පෙරළී ඇති ආකාරය