කතරගම ආදර්ශ ගොවි පොල

15 Sep

සේවකයින් ගොවිපොලේ වැඩවල නිරතවෙමින්

ඇම්.නෙල්සන් පියරත්න කතරගම සමුහ

මහින්ද චින්තනය අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිප ව්‍යාප්තව දිවිනැගුම වැඩසටහන යටතේ ආරම්භ කර ඇති ගෘහ ඒකක වගා දශ ලක්ෂයක් ඇති කිරිමේ වැඩ සටහනට සමගාමිව කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල රංගන මහතාගේ මගපෙන්වීම යටතේ හා කතරගම කෘෂිකර්ම ව්‍යාප්ත නිලධාරි එච්.එම්.ඩී.උපුල් ගුණතිලක මහතාගේ උපදෙස් මත කතරගම ප්‍රාදේශිය සභා භූමියේ සේවක මහත්වරුන්ගේ ශ්‍රම සහභාගිත්වයෙන් ආදර්ශ ගොවි පොලක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උපුල් ගුණතිලක මහතා මෙසේ කීය.බැසිල් රාජපක්ෂ අමාත්‍ය වරයාගේ දිවිනැගුම වැඩසටහන යටතේ ගෘහ ඒකක දශ ලක්ෂයක් පිහිටුවීමේ වැඩ සටහනට සමගාමිව කතරගම ප්‍රාදේශීය ලේකම් කොටඨාශය තුල ගෙවතු වගා 500 ක් ආරම්භ කරන ලෙස පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පූෂ්පකුමාර මහතා කතරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී අපට උපදෙස් දුන්නා ඒ අනුව ඌව පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව මෙම වැඩ සටහන කරගෙන යනවා. ප්‍රාදේශීය සභාවේ ගොවිපොල පාසල් ලමයින්ට සහ ප්‍රදේශවාසීන්ට නරඹා ආදර්ශයක් ගතහැකි අයුරින් සකස් කරගෙන යනවා.නිවෙස්වල ආරම්භ කරන වගාවන් හට පොහොර සහ ඇට වර්ග නොමිලයේ ලබා දෙනවා.මීට අමතරව අප කතරගම දිසා රෝහල කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනය කතරගම සෞඛ්‍ය වෛද්ය නිලධාරි කාර්යාලය වැනි තැන්වල ආදර්ශ ගොවිපලවල් සකස් කරගෙන යනවා ඉදිරියේදි කතරගම පිහිටි සියලුම රජයේ ආයතන වල ගොවි පොලවල් ඇති කිරීමට කටයුතු කරගෙන යනවා.

කතරගම ප්‍රාදේශිය සභා ආදර්ශ ගොවි පොලේ එලවලු වර්ග මිරිස් ඉරිගු ආදියත් උඩරට ප්‍රදේශවලට ආවේනිකවූ ගෝවා, බීට්රූට් ආදියත් ඉතා සාර්ථකව වගා කොට තිබෙනවා මෙම ආදර්ශ වගාව කරගෙන යාමේදි කතරගම ප්‍රාදේශිය සභාවේ ප්‍රිශාන්ත මහතා ඇතුලු සේවක මහතුන්ගේත් කතරගම ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරි සුනිල් බණ්ඩාර මහත්වරුන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා.

Leave a comment