Archive | September, 2011
18 Sep
Advertisements

නිතිය අතට ගත් චිිවරධාරින් අට නමක්

18 Sep

පාණදුර සමූහ වාර්තාකරු කපිල සෝමරත්න
නිතිය අතට ගත් චිිවරධාරින් අට නමක් සහ කාන්තාවන් 40 දෙනෙකු වාද්දුව තගරයේ ගාලුපාර අද්ුදර පිහිිටි ඉඩමකට බලයෙන් ඇතුලුවි එහි තැනු වෙිදිකාවක් මතට වි රැස්විමක් පවත්වා සත්‍යගුහයක් 18-09-2011 අද පැවැත්වුහ මෙම සත්‍යගුහයට වාද්දුවෙි ඡනතාවගෙන් කිසිම සහයෝගයක් නොලැබුනි දහමි පාසැල් දරදැරියෝද උද්ඝෝෂණය වර්ඡනය කලහ එම ඉඩමෙි අරක්කු තැබැරැමක් විවිෘත කිරිමට විරෝධය පාමිින් අද මෙම උද්ඝෝෂනය පැවැත්විය එම ඉඩමෙි අරක්කු තැබැරැමක් නොතිබින
ඉඩමිි් හිමියා වු ඩබලිවි ඡයවිර මහතා නිතිිඥ වරයෙකු සමග වාද්දුව පොලිසියට පැමිණ පැමිනිලිකර සිටියේ් පානදුර දකුනු සාසනාරක්ෂක බල මංඩලයේ ලේඛකාධිකාරි වාද්දුවෙි ධමිමවංශ හිමියන් ඇතුලු කාන්තාවන් පිරිසක් අයුතු ඡනරාශීයක සාමාඡිකයින්වි වාද්දුව නගරයේ පිහිටි තමාගේ පුද්ගලික ඉඩමට බලයෙන් ඇතුලුවි වෙිිදිකාවක් ඉදිකර තැබැරැමක් පිහිිටු විමට එරෙහිව උද්ඝෝෂනයක් කරන බවය
මෙම පැමිනිල්ල ගැන වාද්දුව පොලිසිය නිහඩවිම ගැන අධිකරනයට හෙට පැමිනිලි කරන බව ඡයවීර මහතා පැවසීය
තැබැරුමක් විවෘත කරනවාට විරැද්ධව වාද්දුව පුදේශයේ දහමි පාසැල් වසා දැමිම ගැන වාද්දුවෙි බෙෘද්ධ ඡනතාව දැනටමත් ධමිමවංශ හිිමියන්ට විරෝධය පුකාශකර ඇත කිසිම අලුත් තැබැරුමක් මෙි වනතුරු වාද්දුව නගරයේ ප්ිහිටුවා නැත වාද්දුව නගරයේ අරක්කුු තැබැරුමක් විවෘතකරනවාට විරෑද්ධවන්නේ හොර අරක්කු කාරයින්ගෙ තැරැවිකරුවන් සහ පන්සල් වටෙි නිවෙස්වල කාන්තාවන් බව අරක්කු බොන්නෝ පැවසුහ දැනට වාද්දුව පොලිස් වසමෙි අරක්කු තැබැරැම්ි 3ක් සහ ආපනශාලා සහ සංචාරක හේාටල්වල රටබිම හල් 14ක් තිිබෙන බවත් ඒවා වසාදමන ලෙසට බල කරන ගිහිපැවිද්දන් වාද්දුවෙි නැතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසිය

ලේක් හවුස් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ICTA පුහුණුව ලබාදීම මධ්‍යස්ථාන 18ක දී සාර්ථකව

17 Sep

ලංවිම දීපව්‍යාප්ත වැටලීම් අඛණ්ඩව

17 Sep
අගෝස්තු මස වැටලීම් තුළින් 
ජූලි මස වැටලීම් ආදායම හා සමාන වාර්තාගත ආදායමක්. 
ලංවිම හදිසි වැටලීම් අංශ නිලධාරීන් විසින් පසුගිය අගෝස්තු මස සිදුකළ වැටලීම් තුළින් උපයාගත් රු.23,177,583.24 ( රු.මිලියන 23) ක මුදලින් රු.2,420,000.00 ( මිලියන 2.42) ක් උසාවි දඩ වශයෙන්ද, රු.20,757,583.24 (රු. මිලියන 20.75) විදුලිබල මණ්ඩලයේ අලාභය ලෙසද ගණන් බලා ඇත. මෙම ආදායම මෙම වසරේ ජූලි මස ඉපයූ වාර්තාගත ආදායම බඳු වාර්තාගත ආදායමක් බව විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි. 

ඒ අනුව මීටර් වෙනස් කිරීම්, කොකු භාවිතා කර විදුලිය ලබාගැනීම් වැනි අයථා විදුලි පරිහරණයන් පිළිබඳ සිද්ධීන් 208ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් සිද්ධීන් 189ක් වංචා සහගත ලෙස මීටර් සැකසීම තුළින් විදුලිය ලබාගැනීම් වේ. ඉතිරි සිද්ධීන් 19ක් කොකු යොදා අයථා ලෙස විදුලිය ලබාගැනීම් ලෙස හදුනාගෙන තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය ණය නැති සාඩම්බර ආයතනයක් මෙන්ම ගුණාත්මක මහජන සේවාවක් සපයන ආයතනයක් බවට පත්කිරීම තුළින් වසර 2012 වන විට ශ්‍රී ලංකාවේ විදුලියනය 100% බවට පත්කිරීම සිය ඒකායන අරමුණ කරගත් විෂයබාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ඒ සඳහා බාහිරව මෙන්ම ආයතනය තුළ සිදුවන්නාවූ වංචා දූෂණ මුලිනුපුටා දැමීම සඳහා ලංවිම විශේෂ විමර්ශන ඒකකය මනා ලෙස බලගන්වා ඇත. ඒ අනුව එම ඒකකය මගින් පසුගිය ජූලි මස අම්පාර, කල්මුනේ ප්‍රදේශයන්හි සිදුකළ වැටලීම් මගින් රු. කෝටි දෙකහමාරකට ආසන්න ආදායමක් උපයාගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මෙලෙස විදුලි මීටර් වංචනික ලෙස සකස් කිරීම්, කොකු භාවිතා කර විදුලිය ලබාගැනීම් වැනි ක්‍රියාවන් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට විශාල මූල්‍ය අලාභයක් සිදුවන බව අවධාරණය කරන විදුලිබල අමාත්‍යාංශය, වසර ගණනාවක් වැටී සිටි අගාධයෙන් මේ වනවිට ලංවිම ගොඩගෙන ඇති බවත්, නැවතත් ආයතනය එවැනි අගාධයකට ඇද දැමීමට සැරසෙන මෙවන් වංචාකාරී පුද්ගලයින්  නීතියේ 
රැහැනට හසුකර දීමට සහයොගය දක්වන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. යම් වංචාකාරී ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව දුරකතන අංක 2422259 ඔස්සේ ලං.වි.ම. විමර්ශන අංශය දැනුවත් කරන ලෙසත් අමාත්‍යාංශය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

කතරගම ආදර්ශ ගොවි පොල

15 Sep

සේවකයින් ගොවිපොලේ වැඩවල නිරතවෙමින්

ඇම්.නෙල්සන් පියරත්න කතරගම සමුහ

මහින්ද චින්තනය අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිප ව්‍යාප්තව දිවිනැගුම වැඩසටහන යටතේ ආරම්භ කර ඇති ගෘහ ඒකක වගා දශ ලක්ෂයක් ඇති කිරිමේ වැඩ සටහනට සමගාමිව කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල රංගන මහතාගේ මගපෙන්වීම යටතේ හා කතරගම කෘෂිකර්ම ව්‍යාප්ත නිලධාරි එච්.එම්.ඩී.උපුල් ගුණතිලක මහතාගේ උපදෙස් මත කතරගම ප්‍රාදේශිය සභා භූමියේ සේවක මහත්වරුන්ගේ ශ්‍රම සහභාගිත්වයෙන් ආදර්ශ ගොවි පොලක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උපුල් ගුණතිලක මහතා මෙසේ කීය.බැසිල් රාජපක්ෂ අමාත්‍ය වරයාගේ දිවිනැගුම වැඩසටහන යටතේ ගෘහ ඒකක දශ ලක්ෂයක් පිහිටුවීමේ වැඩ සටහනට සමගාමිව කතරගම ප්‍රාදේශීය ලේකම් කොටඨාශය තුල ගෙවතු වගා 500 ක් ආරම්භ කරන ලෙස පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පූෂ්පකුමාර මහතා කතරගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී අපට උපදෙස් දුන්නා ඒ අනුව ඌව පලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව මෙම වැඩ සටහන කරගෙන යනවා. ප්‍රාදේශීය සභාවේ ගොවිපොල පාසල් ලමයින්ට සහ ප්‍රදේශවාසීන්ට නරඹා ආදර්ශයක් ගතහැකි අයුරින් සකස් කරගෙන යනවා.නිවෙස්වල ආරම්භ කරන වගාවන් හට පොහොර සහ ඇට වර්ග නොමිලයේ ලබා දෙනවා.මීට අමතරව අප කතරගම දිසා රෝහල කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනය කතරගම සෞඛ්‍ය වෛද්ය නිලධාරි කාර්යාලය වැනි තැන්වල ආදර්ශ ගොවිපලවල් සකස් කරගෙන යනවා ඉදිරියේදි කතරගම පිහිටි සියලුම රජයේ ආයතන වල ගොවි පොලවල් ඇති කිරීමට කටයුතු කරගෙන යනවා.

කතරගම ප්‍රාදේශිය සභා ආදර්ශ ගොවි පොලේ එලවලු වර්ග මිරිස් ඉරිගු ආදියත් උඩරට ප්‍රදේශවලට ආවේනිකවූ ගෝවා, බීට්රූට් ආදියත් ඉතා සාර්ථකව වගා කොට තිබෙනවා මෙම ආදර්ශ වගාව කරගෙන යාමේදි කතරගම ප්‍රාදේශිය සභාවේ ප්‍රිශාන්ත මහතා ඇතුලු සේවක මහතුන්ගේත් කතරගම ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරි සුනිල් බණ්ඩාර මහත්වරුන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා.