මගේ මහත්තයා කුඩු කාරයෙක් කියල දැන ගත්තේ අපි එකගෙදර පදිංචියට ගිහින් මාසෙකට පස්සේ

29 Aug

රත්තරන් බඩුයි ගෙදර බඩුමුට්ටු ඔක්කොම විකුණලා එයා කුඩු ගැහැව්වා

පොලිසියේ ආලින්දයේ බංකුවක අසුන් ගෙන සිටින රූබර තරුණිය නොඉවසිලිමත්ව සිටිනු දුටු කාර්යභාර සැරයන්වරයා ඇය අසලට ගියේය.

මේ මිස් මොකද ? සැරයන්වරයා ගේ හඬින් තිගැස්සුණු ඕ ඔහු දිහා බලා සිටියේ බයාදු ලෙසය. තරුණියගේ දෙනෙතින් කඳුළු වැගිරෙනු දුටු සැරයන් කතා කෙළේය.

“මොකක්ද මිස් ප්‍රශ්නය ?” ඔහු නැවතත් විමසීය.

“ඇන්ට්‍රි එකක් දාන්න ආවේ” ඕ කීවේ කඳුළු පිස දමමිනි.

‘කාට විරුද්ධවද ?’ සැරයන් නැවත විමසීය. ‘මගේ මහත්තයා, එයත් එක්ක ඉන්න එපා වෙලා. එයා කුඩු ගහනවා. ! ඕ කීවාය. ‘එන්න’ යැයි කී සැරයන්වරයා ඇය කැටුව පැමිණිලි ලියන ස්ථානයට ගියේය. සුළු පැමිණිලි සටහන් පොත අතට ගත් ඔහු තරුණියගේ නම ගම ලිපිනය ආගම සහ අනෙකුත් තොරතුරු සටහන්කැර ගත්තේය.

‘ඉතින් මිස්…දැන් මොකද වෙලා තියෙන්නේ ?’

‘සාජන් මහත්තයො….මේ කියන්නේ මගේ මහත්තයා ගැන.. අපි විවාහවෙලා තවම මාස තුනක්වත් නැහැ.

මුල් දවස්වල ආදරෙන් හිටියා. අපේ ගෙදර අය මේ විවාහෙට විරුද්ධ වුණා.

මගේ අයියා ආරක්ෂක අංශයක . එයා මගේ මහත්තයා ගැන සොයලා බැලුවා.

‘නංගී. ඔයා ලොකු අමාරුවක වැටෙන්න යන්නේ ඔය මිනිහා කුඩු කාරයෙක්.! එයා මට දවසක් කෝල් කරලා එහෙම කිව්වා. මම ඒක ගණන් ගත්තේ නැහැ.

කොළඹ වැඩකරන නිසා මට නිතර ගමේ යන්න බැරිවුණා. ගෙදර අය එක්ක තියෙන ආශ්‍රය අඩුවුණා.

මගේ ලෝකය වුණේ පෙම්වතා. අපි දවස් ගණන් ට්‍රිප් ගියා. තැන්තැන්වල නැවතිලා විනෝද වුණා. ඒ ඔක්කොම කෙළේ ගෙදරට හොරෙන්.

පස්සේ අපි දෙන්නා වෙනම ජීවත් වුණා.

කසාද බඳින්න කිව්වත් එයා ඒක ගණනකට ගත්තේ නැහැ.

අපි දෙන්නා එකට ජීවත්වෙන්න අරගෙන මාසයක් විතර යද්දි තමයි චනගත්තේ එයා කුඩුකාරයෙක් කියලා.

අතේ සතේ නැති වෙනකම් කුඩු ගහනවා.

මගේ සල්ලි, රත්තරන් බඩු ඔක්කොම ඉවරයි’ සාජන් මහත්තයෝ.

ගෙදර තිබුණු ටී වී සෙටප් පුටු මේසත් මේ මිනිහා විකුණුවා.

මට දැන් කරන්න දෙයක් නැහැ සර්. වෙලාවකට හිතෙනවා ජීවිතේ නැති කර ගන්න.

ඒත් මේ වගේ මිනිහෙක් නිසා මම එහෙම කරන්නේ ඇයිද කියලත් හිතෙනවා.මට දැන් ගෙදර යන්නත් බැහැ. මම මොකද කරන්නේ සර්… තරුණ කතගේ පැමිණිල්ල සාවධානව අසා සිට සටහන්කරගත් සැරයන්වරයා ඇයට කතා කෙළේය.

සිද්ධවෙලා තියෙන දේ තෙරෙනවා. තමන් වැටිලා තියෙන්නේ ලෝක අමාරුවක. අපි තමුන්ගේ සැමියා මෙහාට ගෙන්වන්නම්.

කතා කරලා ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරමු. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථාන තියෙනවා.

එහෙම පියවරක් වුණත් ගන්න පුලුවනි… ජීවිතය නැතිකරගැනීම නම් විසඳුමක් නෙවෙයි.

සැරයන්වරයාගේ අවවාද පිළිගත් කත පොලිසියෙන් පිටවූයේ කඳුළු පිසිමිනි.

.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: