පාදුක්ක තුන්තානේදී පුද්ගලයකුගේ අත කැපූ සැකකරුවෝ අධිකරණයට බාරවෙති

29 Aug

ලබුගම සමූහ නිරෝෂා ශ්‍යාමලි විදාන

 

පසුගිය දා පාදුක්ක තුන්තාන ප්‍රදේශයේ දී කඩුවලින් පහර දී පුද්ගලයකුගේ වම් අත කපා වෙන්කර සැඟව සිටි සැකකරුවන් පාදුක්ක පොලිසියට භාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

 

පාදුක්ක සතිපොළේ ව්‍යාපාරිකයකු තම බිරිය සමඟ ත්‍රිරෝද රථයකින් නිවෙස බලා යමින් සිටිය දී පාදුක්ක තුන්තාන ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් ත්‍රිරෝද රථය නවතා ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර කඩුවලින් කපා කොටා ඔවුන්ට තුවාල සිදුකර ඇත. ත්‍රිරෝද රථයට ද බරපතළ හානි සිදුකර ඇත.

මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ තුන්තාන ගම්මැද්ද පදිංචි ගාමිණි ගලප්පත්ති මහතා සහ ඔහුගේ බිරිය වන මැදගෙදර මානෙල් අජන්තා නමැති ව්‍යාපාරික යුවළකි.

ගාමිණි ගලප්පත්ති මහතාගේ වම් අත කඩු ප්‍රහාරයෙන් කැපී වෙන් වී ඇත. කොළඹ ජාතික රෝහලේ දී හදිසි සැත්කමකින් එම අත නැවත බද්ධ කර ඇත. දැනට ඔහු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මානෙල් අජන්තා මහත්මිය ඇසිඩ් ප්‍රහාරයට ලක්ව පිලිස්සුම් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙක් (06) හඳුනාගෙන ඇතත් පොලිසියට මග හරිමින් සැඟව සිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

සැකකරුවන් පස්දෙනා මෙම 18වන දින පාදුක්ක පොලිසියට භාර වී ඇත. ඔවුන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් බන්දුල ගුණතිලක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් පළමුවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

තවත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර පාදුක්ක ;පාලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිලකරත්න, පොලිස් සැරයන් විජේසිරි, පොලිස් සැරයන් රණතුංග, පොලිස් කොස්තාපල් නන්දන, පොලිස් සැරයන් වෙත්තසිංහ හා පොලිස් කොස්තාපල් 40949 කුමාර යන නිලධාරීහු වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: