මහමඟදී සොරාගත් බලු පැටියාගෙන් ‘මසුරු සිටාණන්ට’ යස පාඩමක්

22 Aug

ඔහු සියනෑවේය. මසුරෙකි. මුදල් වියදම් වෙතියි කියමින් වේල් දෙක තුන ‘ප්ලේන්ටියකින්’ ගත කරන හෙතෙම බිරියට සහ දරුවනට අවශ්‍ය ගෙදර වියදමට තරමක් ලෝබ වෙතියි ප්‍රදේශවාසීහු කියති.

ගම්වැසියෝ ඔහුගේ සැටි දනිති. පාරේ ගමන් කරද්දී අන්න මසුරු සිටාණෝ යනවා යැයි කියති. ඔහුට එවදන් ඇසුනත් ගාණක් නැත.

පසුගිය දිනෙක ඔහුට ලොකු ඇබැද්දියකට මුහුණ පෑමට සිදු විය. එයත් සිදුවූයේ ඔහුගේ මසුරුකම නිසයි.

රෑ සේවය අහවර වී අවසන් දුම්රිය අල්ලා ගන්නට ඉක්මන් ගමනින් දුම්රිය පොළවෙත ගමන් කරමින් සිටි ඔහුට ඒ මාර්ගයේ නිවෙසකින් එළියට ආ බලු පැටියෙක් දක්නට ලැබිණි.

මසුරා ‘ඉක්මන් පය’ මදකට නතර කොට බලු පැටියා දෙස කලුවරේම බලා උන්නේය.

‘මූ නම් හොඳ වර්ගෙක එකෙක්’ ඔහුට එසේ සිතෙන්නට ඇත.

ඔහු තම නිවෙසේ ආරක්ෂාවට බලු පැටියකු ඇති කළ යුතු යැයි සිතා සිටියේද මේ දිනවලදීය.

ලොකු ගණනක් ගෙවා බලු පැටියකු මිලදී ගන්නවාට වඩා අතට ආ වාසනාව ගෙදර ගෙනියන්නට ඔහුට සිතිණි.

කල් බලමින් සිටියොත් වැඩ වරදින අයුරු ඔහුට දැනෙන්නට වූයේ ගෙහිමි කත බලු පැටියාගේ නම කියමින් කතා කරන හඬ ඇසුණු බැවිනි.

බලු පැටියා ළඟට ගිය හෙතෙම ඌ වඩා ගත්තේය. නාඳුනන අමුත්තා ගැන මේ තිරිසනාට වගක් නැත. වලිගය වැනුවේය. මසුරාට තුරුල් වී දුම්රිය පොළට ආයේය.

අවසන් දුම්රියට ගොඩවූ හෙතෙම බලු පැටියාද එහි අසුනකින් තැබුවේය. ‘උඹ හොඳ එකා. මික් ගෑවේ නෑ. අද යමු පුතා අපේ ගෙදරට. හිටපු තැනට වඩා එහෙ බොට හොඳා’ ඔහු බලු පැටියා දෙස බලමින් කීවේය.

දුම්රිය මැදිරියේ දෙතුන් දෙනෙකුට වඩා නැත. ඔවුනුත් නිදි කිරති.

දුම්රිය ගමනේය. බලු පැටියාට දුම්රිය ගමන ආගන්තුක වන්නට ඇත. එක්වරම ඌ බිමට පැන දුම්රිය මැදිරිය පුරා දුවන්නට පටන් ගත්තේය. මේ දැක කලබල වූ මසුරාද බලු පැටියා පස්සේ එලවන්නට විය.

නිදි කිරමින් හුන් මගීහු ද මේ කලබලයෙන් අවදි වූහ. ඔවුහු මසුරාට උදව් කරන්නට උත්සාහ කළහ. මේ අව් අස්සේ දුම්රිය නැවතුම් පලක නැවැතිනි. බලු පැටියා වට පිට බලා විවෘතව තිබූ දොරෙන් දුම්රිය වේදිකාවට පැන කලුවරේ අතුරුදන්විය.

බලු පැටියා සොයා මසුරාද දුම්රියෙන් බැස වේදිකාව දිගේ දුවන්නට විය. දුම්රිය ධාවනය විය.

කලුවරේ අතුරුදන් වූ බලු කුක්කා සොයා පැයක් දෙකක් වෙහෙස වූ මසුරා අවසානයේ දුම්රිය වේදිකාවේ බංකුවක් මත දිග ඇදිනි. යලි දුම්රියක් ඇත්තේ අලුයම 5 ට පමණය. දුම්රිය වේදිකාවේ රැය පහන් කර පසුදා උදෑසනම ගෙදර ගිය මසුරාට බිරියගේ ප්‍රශ්නවලට පිළිතුරුදීමට සිදු විය.

‘ඕටී කලා බං. කීයක් හරි අතට එනවනේ… ඔහු කීවේය.

මුහුණකට සෝදා ගත් මසුරා නැවත වැඩට යන්නට ලෑස්ති වූවත් තේ එක ලැබෙන තුරු ඇඳි පුටුවේ සිටියදී ඔහුට නොදැනුවත්ව නින්ද ගියේය. ඔහු නැවත අවදි වන විට දවල් ආහාරද සූදානම් වී තිබිණි.

වැඩට යන්නට අවදි නොකළේ මන්දැයි විමසමින් මසුරා එදා පැය ගණනක් බිරියට බැන වැදිනි.

මේ කතාව කන්තෝරුවේදී ඔහු මිතුරකුට කීවේය.

බලු පැටියා පැන යාමටත් වඩා නිකරුනේ එක් දවසක් නිවාඩු දමන්නට සිදු විනැයි පැය කීපයක අතිකාල සේවය ඒ හේතුව නිසාම අහිමිවීමත් ගැන සිත් තැවුලෙන් සිටි මසුරා ඒ ගැන මිතුªරන් සමග දින ගණනක්ම එකදිගට කියවමින් තැවුනාලු.

.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: