අම්පාර තානායම කළඑළි කරන්න ඉක්මන් වැඩපිළිවෙළක් ඕනෑ

22 Aug

අම්පාර දිසා විශේෂ – එල් දෙහිගොල්ල

අම්පාර නගර සභාවට අයත් රජයේ තානායම දිනෙන් දින අභාවයට යන බව නගරවැසියෝ පවසති.

ගල්ඔය ව්‍යාපාරයත් සමඟ ආරම්භ කළ මේ තානායම දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල සම්පතක් විය. පෞද්ගලික හෝටල් ඉදිකිරීමට ප්‍රථම බොහේ අය නවාතැන් ගන්නේ මෙම තානායමේය. මංගල උත්සව හා වෙනත් උත්සව පැවැත්වීමටත් මෙය යොදා ගත්තේ විවිධ බාධා මැදය.

ගොඩනැඟිල්ලේ සැලකිය යුතු ප්‍රතිසංස්කරණයක් මේ දක්වා සිදුවී නැත.

දිනෙන් දින එය ජරාවාස වීමට පටන්ගෙන ඇත.

වැසිකිළි පද්ධතිය අබලන් තත්වයේ පවතී. මේ තානායමේ බොහෝ කාමරවලින් නිසි ප්‍රයෝජනයක් ගෙන නොමැත. කැඩීගිය උපකරණ විවිධ තැන්වල ගොඩගසා තිබේ.

මේ තානායම සතු ඉඩම අක්කරයක් පමණ වෙයි. එය අලංකාර ලෙස සකසා ගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් නොමැත.

මෙහි පැවැත්වෙන මංගල උත්සව සඳහා පිටතින් කෑම ගෙන ඒමට සිදුවෙයි. තානායමෙන් ඉතා පහසු මිලකට කෑම සකසා දීමට හැකියාව ඇති නමුත් එසේ නොකරන බවද ජනතාව කියති.. එසේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා නම් එමගින් විශාල ආදායමක් නගරසභාවට සපයා ගැනීමට හැකියාව තිබේ. තානායම සතු බොහෝ ආදායම් මාර්ගවල නිසි සැලසුමක් නොමැති නිසා ලාභ උපයන්නට නොහැකිය.

අම්පාර නගර සභාවේ නාගරික මන්ත්‍රී කැලුම් කුමාර මහතා – මේක නගර සභාවට තිබෙන ආදායම් මාර්ගවල හදවත.

මෙහි වසර ගණනාවක් නිසි නඩත්තුවක් කළේ නෑ. ඒ නිසා තානායම බරපතළ ලෙස විනාශ වුණා. සුනාමි කාලයේ අම්පාර නගරයේ හෝටල් සියල්ල දියුණු වුණා.

පොල්අතු මඩුවල තිබුණු සමහර හෝටල් අද මන්දිර වගේ. ඒත් මේ රජයේ තානායම එදා තිබුණු තත්ත්වයෙන්මයි.

නගර සභාවේ උප සභාපති සුගත් චමින්ද මහතා – අම්පාර නගරයට ඉතා කිට්ටුවෙන් තමයි තානායම තිබෙන්නේ. මෙය කෝටි ගණනක් වටිනාස්ථානයක්.

අපි පුළුවන්තරම් උත්සාහ ගන්නවා මේ වර්ෂය අවසන් වීමට පෙර මෙය ප්‍රතිසංස්කරණය කරන්න. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි.

.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: