නඩත්තු නඩු දහයක වගඋත්තරකරුවෝ අධිකරණය මඟ හරිති * දස දෙනාටම නොතීසි: ඇතැමුන් රට පැනලා: * බිරින්දෑවරුන් අධිකරණය හමුවේ

19 Aug


ගම්පහ සංචාරක නිමල් ජයසිංහ

ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩත්තු නඩු සම්බන්ධයෙන් පුද්ගලයන් 10 දෙනෙකුට නොතීසි නිකුත්කර තිබූ අතර, නඩත්තු මුදල් ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් ඔවුන්ගේ බිරින්දෑවරු අධිකරණයේ පෙනී සිටියහ.කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරියන් අධිකරණයට දන්වා සිටියේ ඇතැම් පුද්ගලයන්, මෙසේ නීතියෙන් නියමකර ඇති වන්දි මුදල් ගෙවීම නිතර පැහැර හරින අතර, ඇතැම් පුද්ගලයන් විදේශගතව ඇති බවය.

තවත් පුද්ගලයන් තම බිරිය හා දරුවන් අත්හැර දමා වෙනත් ප්‍රදේශවලට පදිංචියට ගොස්, වෙනත් කාන්තාවන් හා පවුල්කන බවය. කරුණුවලට සවන් දුන් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මැකී මොහොමඩ් මහතා අදාළ පුද්ගලයන් පදිංචිව සිටින ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු මඟින් එම පුද්ගලයන්ට සිතාසි නිකුත් කොට ඇපකරුවන්ටද නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය. බිරියට ගෙවිය යුතු වන්දි මුදල නොගෙවා විදේශගත වීමට සිටිනවා යැයි කියූ පුද්ගලයන්ගේ විදේශගතවීම් වැළැක්වීමටද නියෝග නිකුත් කර ඇත.

.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: